චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හෙට (14) දිනයේදී මෙරටට පැමිණීමට නියමිතය.
CPC ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චෙන් ෂෝ ගේ නායකත්වයෙන් යුත් මෙම පිරිස ජනවාරි 18දා දක්වා මෙරට සංචාරය කරනු ඇති බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.
පසුගිය වසරේ පැවති CPC ජාතික කොංග්‍රසයෙන් පසුව හා මේ වසරේදී එම පක්ෂයෙන් නියෝජිත පිරිසක් මෙරටට සිදුකරන පළමු නිල සංචාරය මෙයයි.
චීනය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා හා අන්තර් පාර්ශවීය හුවමාරු ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් මෙම නියෝජිත පිරිස විසින් මෙරට රජයේ සහ දේශපාලන පක්ෂවල නායකයින් හමුවීමට සහ CPC ජාතික කොංග්‍රසය පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකිරීමට නියමිත බව ඉහත රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.