2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් 191 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
ඔහු සඳහන් කළේ මෙවර මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් 6 දෙනෙකුද ඒ අතර වන බවය.
මීට අමතරව මැතිවරණ නීති කඩකිරීමට යොදා ගත් රථ වාහන 45 ක්ද පොලීසිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේය.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පැමිණිලි 168 ක් පොලිසියට ලැබී තිබේ.
අපරාධමය පැමිණිලි 30 ක් හා මැතිවරණ නීති උල්ලංඝණය සම්බන්ධයෙන් පැමිණිලි 138 ක් ඒ අතරට ඇතුළත්ය.
මීට අමතරව මැතිවරණ පෝස්ටර් හයලක්ෂ විසි එක්දහසකට අධික සංඛ්‍යාවක් ඉවත් කර තිබෙන අතර පොස්ටර් දෙලක්ෂ හැත්තෑ අටදහසක් පොලිස් භාරයට ගෙන තිබෙන බවත් බැනර් 412 ක් ඉවත් කර 200 ක් බාරයට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසා සිටියේය.