පසුගිය ජූලි මස නව වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට පහර දී ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කෝට්ටේ මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක චන්දිම නයනජිත් මහතා ලබන අප්‍රේල් මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (28) නියෝග කළේ ය.
ඊයේ දින සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.
සබැඳි පුවත්
දේපල ගිනිගත් මන්ත්රීලාට ඇස්තමේන්තු මුදලත් මදි වෙලා!