ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ට රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මැතිවරණ ප්‍රචාරය සඳහා නොමිලේ ගුවන් කාලය ලබාදීම ලබන 6 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය.
මෙහිදී එක් අපේක්ෂකයෙකුට ජාතික ගුවන්විදුලිය හා ජාතික රූපවාහිනිය ඔස්සේ විනාඩි 15 බැගින් අවස්ථා තුනක් හිමි වේ.
අපේක්ෂකයන්ට ගුවන් කාලය වෙන් කිරීම සඳහා කුසපත් ඇදීම ඊයේ (22) මැතිවරණ කාර්යාලයේදී සිදු කර තිබුණි.
එහිදී ජනපති අපේක්ෂකයන් 39 දෙනා වෙනුවෙන් නියෝජිතයන් 39 දෙනකු පැමිණ කුසපත් ඇදීමට සහභාගි වී කාලය වෙන්කර ගෙන තිබේ.