බදු ප්‍රතිපත්තිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිලිබඳ ජනාධිපතිවරයා සමඟ අද (11) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ආණ්ඩුව මෙතෙක් ලබා දී ඇති කිසිදු පොරොන්දුවක් ඉටු කර නොමැති බව එහි සභාපති වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.
තවද ඖෂධ ප්‍රතිපත්තිය සහ මිල සූත්‍රය සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳා ගැනීමට ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා ඇති බව ද සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය පවසයි.
මේ සම්බන්ධයෙන් නව සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ද සාකච්ඡා කළ බව එහි භාණ්ඩාගාරික මංජුල ජයවර්ධන මහතා කියා සිටී.