ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 99ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එම කොමිසම සඳහන් කරන්නේ, ජුලි 31 වනදා සිට ඊයේ (05) පස්වරු 05 දක්වා එම පැමිණිලි වාර්තා වූ බවය.
මේ අතරින්, මැතිවරණ පැමිණිලි කළමනාකරණ ජාතික මධ්‍යස්ථානයට පැමිණිලි 68ක් ලැබී ඇති අතර මැතිවරණ පැමිණිලි කළමනාකරන දිස්ත්‍රික් මධ්‍යස්ථාන වෙත පැමිණිලි 31ක් ලැබී ඇති බව සඳහන්ය.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ, සාධාරණ හා විනිවිදභාවයකින් යුතු මැතිවරණ ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මෙම පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බවය.