ජනාධිපතිවරණය පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ජනාධිපතිවරයාට කිසිදු බලයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (16) ප්රකාශ කර සිටී.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග අද (16) පැවැති සාකච්ඡාවෙන් පසුව ඒ මහතා එසේ පැවසීය. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද එම සාකච්ඡාවට සහභාගි විය.