පුවත්

ජනාධිපති අනුරට, බෙයිජිං අගනුවරදී උණුසම් පිළිගැනීමක් (Video)

Published

on

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව ගිය ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25 පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය.

එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොං මහතා හා එරට සිටින ශ්‍රී ලංකා තානාපති – මජින්ත ජයසිංහ මහතා විසින් ජනාධිපතිවරයා පිළිගන්නා ලදී.

දිසානායක මහතා ජනවාරි 17 දක්වා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වේ.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල්  රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර මහතා යන මහත්වරුද මෙම සංචාරය සඳහා එක්ව සිටිති.

(වීඩියෝ : CCTV +)

Trending

Exit mobile version