පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්

Published

on

විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

“අල්ලස් දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය” විසින් අද (15) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.

එම ආරම්භ කිරීමත් සමග පොලීසිය විසින් බැනර් හකුළා ඉවත් කළ අතර, එහිදී විරෝධතාකරුවන් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණි.

පසුව විරෝධතාකරුවන් විසින් ජනාධිපති අතිරේක ලේකම් කපිල මුණසිංහ මහතා වෙත සංදේශයක් භාරදෙන ලදී.

මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය නැවත ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඔවුන් එම විරෝධය සංවිධානය කර තිබුණි.

Trending

Exit mobile version