පුවත්

ජන බලවේගයෙන් පාස්කු වින්දිතයන්ට යුක්තියේ ප්‍රතිඥාව දෙයි (ඡායා)

Published

on

වසර 2019 යේ අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව අගරදගුරු අති උතුහ් මැල්කම් රංජිත් හිමියන්ට පිළිගැන්වීම අද(18) පෙ.ව. 11.00ට බොරැල්ල අගරදගුරු නිල නිවසේදී ජාතික ජන බලවේගයේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

පාස්කු ඉරු දිනයේ කතෝලික සහ ක්‍රිස්තියානි බැතිමතුන් ඉලක්ක කරගනිමින් අන්තවාදීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද ම්ලේච්ච මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අහිමි වූ ජීවිතවලට, එම ප්‍රහාරය මගින් අසරණ වූ පවුල්වල සාමාජිකයන්ට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවටත් එම ප්‍රහාරයට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධවූ පුද්ගලයන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් අවධාරණය කරන ප්‍රධාන කරුණු 07ක් එම ලියවිල්ලට ඇතුළත්ය. 

 මෙම හමුවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, නීතිඥ සුනිල් වටගල, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රොහාන් ප්‍රනාන්දු, අරුණ ශාන්ත නෝනිස් යන අය සහභාගි විය.

Trending

Exit mobile version