කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරයක සිවිලිමේ සඟවා තිබියදී රුපියල් මිලියන 09ක් පමණ වටිනා ශල්‍ය උපකරණ හමුවී ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා ඒ බව පැවසීය.
අදාළ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීම සඳහා සෞඛ්‍ය අංශ බලධාරීන් ද කැඳවා තිබුණු අතර එහිදී විගණකාධිපතිවරයා පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ට පැවසුවද එය ඉටුවී නොමැති බවය.
එබැවින් ඒ පිළිබඳව විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී එම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු හෙළිකර ගැනීමට කටයුතු කරන ලෙස ද දැනුම්දී තිබේ.