පුවත්

ජොන්ස්ටන්ගේ BMW සිද්ධියට හිල්ටන් හෝටලයටත් අධිකරණ නියෝගයක්

Published

on

ජොන්සටන් ප්‍රනාන්දුට අයත් බව කියන එකලස් කළ බවට චෝදනා ගොනු කර ඇති ප්‍රශ්නගත BMW වර්ගයේ මෝටර් රථය ගාල් කර තිබූ කොළඹ හිල්ටන් හෝටලයේ ආරක්ෂිත කැමරා දර්ශන සුරක්ෂිත කර තබන ලෙස එහි කළමණාකාරිත්වයට ඊයේ (11) කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝගයක් නිකුත් කළාය.

ඒ, මෝසමක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

ඊට අදාළ සිසිටිවී දර්ශන විමර්ශනය සදහා සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට සූදානම් බැවින් එම ආරක්ෂිත කැමරා සාක්ෂි සුරක්ෂිත කර තිබන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම ප්‍රශ්නගත වාහනය අධිකරණ භාරයට ගන්නා ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කලේය.

එහිදී මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ, අධිකරණ පරිශ්‍රයේ ඉඩ සීමිත බැවින් එම වාහනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ රඳවා තබන ලෙසය.

මේ සිද්ධිය සම්බනධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඔහුගේ රියදුරන් දෙදෙනෙක් සහ වාහනය එකලස් කළ බව කියන පුද්ගලයෙකුගේ ඥාතියෙක් ඇප මත මුදා හරිනු ලැබුවේය.

මෙම වාහනය කොළඹ හිලටන් හෝටලයේ රථ ගාලේ නවතා තිබියදී අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව භාරයට ගෙන විමර්ශන ආරම්භ කරන ලදී.

Trending

Exit mobile version