ඩීසල් මිල ඉහළ ගියද, බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය නොවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියයි.
ඒ සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දක්වමින් එහි ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කර ඇත්තේ, ඉන්ධන මිල ඉහළ දැමීම බස් හිමියන්ට දරාගත නොහැකි තත්ත්වයක් වුවත් මේ මොහොතේ බස් ගාස්තු ඉහළ දැමීමට තමන් උනන්දු නොවන බවයි.
කෙසේ වෙතත් නැවත වතාවක් ඩීසල් මිල ඉහළ දැමුවහොත් ඉතා ඉහළ අගයක බස් ගාස්තු සංශෝධනයක් කිරීමට සිදුවන බවද ඔහු අවධාරණය කර තිබේ.
වැඩිදුරටත් ඔහු මෙසේ කියා සිටී.
”ඩීසල් මිල රුපියල් 5 කින් ඉහළ දැමීම බස් හිමයාට දරාගත නොහැකි තත්ත්වයක්. නමුත් මේ මොහොතේ බස් ගාස්තු ඉහළ දැමීමට අපි කිසිසේත් උනන්දු වන්නේ නැහැ. අපි විශ්වාස කරනවා මගී ජනතාව සහ බස් රථඛ හිමියන් , සේවකයින් දැන් කළ යුත්තේ රජයට බලපෑම් කළ යුතුයි. නැවත වතාවක් ඩීසල් වැඩි කරන්න එපා.. එහෙම වැඩි කළොත් බස් රථ හිමියාට සිද්ධ වෙනවා ඉතා ඉහළ අගයකින් බස් ගාස්තු සංශෝධනයක් කරා යන්න”
මේ සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඩීසල් මිල ඉහළ ගියද බස් හිමියන් සහ ගමනාගමන කොමිෂන් සභාව එළඹ ඇති එකගතාවයන්ට අනුව මේ අවස්ථාවේ ගාස්තු සංශෝධනයක් සිදු කළ නොහැකි බවයි.
මේ අතර 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් මිල රුපියල් 09කින් අඩු කළද, ත්‍රිරෝද රථ ගාස්තුවේ වෙනසක් සිදු නොකරන බව ත්‍රිරෝද රථ සංගම් පවසයි.