පුවත්

ඩොලර් බිලියනේ ඉන්දියානු ණය පහසුකම ලබන මාර්තු දක්වා දීර්ඝ කරයි

Published

on

ඉන්දියාව විසින් පසුගිය වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකා රජයට ලබා දුන් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකමේ කාල සීමාව 2024 මාර්‍රතු දක්වා දීර්ඝ කිරීම සඳහා අද (30) දිනයේදී සංශෝධිත ගිවිසුම අත්සන් කර තිබේ.

මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා, මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඉදිරියේදී අත්සන් තැබිණ. ඉන්දීය රාජ්‍ය බැංකුවේ නිලධාරිහු ඉන්දියාවේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ සහභාගී වූහ.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසා තිබුණේ මෙහි මූලික ගිවිසුම 2022 මාර්තු මාසයේදී අත්සන් කර තිබුණු අතර, ණය පහසුකම යටතේ වෙන් කරන ලද ඩොලර් මිලියන 1000න් (ඩොලර් බිලියනයෙන්) ඩොලර් මිලියන 576.75 ක් වටිනා ආනයනය සිදුකළ බවත්ය.

ඉතිරි ඩොලර් මිලියන 423.25 සඳහා ගිවිසුම දීර්ඝ කෙරුනු බවත්, 2024 මාර්තු දක්වා අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Trending

Exit mobile version