පසුගියදා තායිලන්තයේ පට්ටයා වීථි වල බෙන්ට්ලි කාරයක නැගී ගමන් කළ සුරතල් සිංහ පැටවෙකු පිළිබඳ සිද්ධියකට ශ්‍රී ලාංකිකයෙකුද සම්බන්ධ බව වාර්තා වේ.
මෙලෙස මෝටර් රථයේ ගමන් කළ සිංහ පැටවාගේ වීඩියෝ අන්තර්ජාලය ඔස්සේ ඉතා ජනප්‍රිය වී තිබුණි.
තායිලන්තයේ නීති අනුව සුරතල් සතෙකු ලෙස සිංහයෙකු ඇතිකිරීම නීතිවිරෝධී නොවන නමුත්, එම සත්ත්වයා නීත්‍යානුකූල ලෙස ලියාපදිංචි කළ යුතු වේ. එලෙස නීත්‍යානුකූලව තබාගෙන සිටින සිංහයන් 224ක් තායිලන්තයේ සිටින බව එරට බලධාරීන් පවසයි.
කෙසේවෙතත්, පරීක්ෂණ වලින් හෙළිදරව් වී ඇත්තේ මෙම සිංහ පැටවාගේ මිලදීගැනීම නීත්‍යානුකූල ලෙස සිදුව නැති බවයි.
ඒ අනුව, අනවසරයෙන් වන සත්ත්වයෙකු ළඟ තබා සිටීම යන චෝදනා යටතේ මෙම සිංහ පැටවාගේ අයිතිකාරිය වන Sawangjit Kosoongnern නම් කාත්නාව මේ වන විට තායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එරට නීතිය අනුව මෙම චෝදනා වලට වසරක සිරදඬුවමක් හා තායි බාට් 100,000ක් දක්වා දඩ මුදලක් නියම විය හැකි බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඇයට මෙම සිංහ පැටවා අලෙවි කළ පුද්ගලයාටද අනවසරයෙන් සත්ත්වයෙකු ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වනු ඇත.
තවද, මෙම සිංහ පැටවා සිය කුලියට ගත් විලා නිවහනක තබාගෙන සිටි ශ්‍රී ලාංකිකයාට එරෙහිවද චෝදනා ගොනු කිරීමට තායි පොලිසියට අවශ්‍ය වුවද, ඔහු තවදුරටත් තායිලන්තයේ නොමැති බැවින් එසේ සිදුකළ නොහැකි වී ඇත.
පාලිත වන සතෙකු පොදු ස්ථානවලට ගෙන ඒම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වීමට නියමිතව තිබූ අතර, එය මාස හයක් දක්වා වූ සිරදඬුවමක් සහ තායි බාට් 50,000 ක දඩයක් නියම විය හැකි වරදක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.