තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.එහි දැක්වෙන්නේ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරි ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි.
තැපැල් සේවයට අදාළව රාජ්‍ය සංස්ථාවකින් හෝ රාජ්‍ය දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමුපකාර සමිතියකින් හෝ එවායේ ශාඛාවකින් සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන බවට සහ එකි සේවාවාන් පවත්වාගෙන යාමට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බවට සැලකිල්ලට ගනිමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ රජයේ බදු ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති රැසක් හෙට (15) දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කිරීමට සූදානම් වන අතරදීය.