නව ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් තිලක් වරාගොඩ මහතා ඉවත්කර පේෂල ජයරත්න මහතා පත්කර තිබේ.
ඒ නව ලංකා නිදහස් පක්ෂයේ අද (20) පස්වරුවේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී එම ඉවත්කිරීම හා නව පත්වීම සිදුකර ඇත.
බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ මුලස්ථාන කාර්යාලයේ දී එම රැස්වීම පැවැති බව වාර්තා වේ.
පක්ෂය තුළ ක්‍රියාත්මක වීමේදී පසුගිය කාලයේ සිදුවූ නොයෙකුත් අතපසුවීම් හා විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් තිලක් වරාගොඩ මහතාට මෙම රැස්වීමේදී බරපතල විවේචනයන් එල්ලවී ඇති අතර එහිදී දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ බවද වාර්තා වේ.
කෙසේවුවද අවසානයේදී පේෂල ජයරත්න මහතා මහ ලේකම් ලෙස පත්කිරීමට පක්ෂයේ සභාපති කුමාර වෙල්ගම මහතා කළ යෝජනාවට සියලුදෙනාගේම එකඟතාව හිමිවූ බවද පැවසේ.
පේෂල් ජයරත්න මහතා උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමතිවරයෙකි.