පුවත්

තුර්කි භූකම්පනයට බිලිවූ පිරිස 2,300 ඉක්මවයි

Published

on

අද (06) දින සිරියානු දේශසීමාව ආසන්නයේ දකුණුදිග තුර්කියේ සිදුවූ ප්‍රබල භූමිකම්පාවෙන් සිදුවූ මරණ ගණන 2,300 ඉක්මවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අලුයම කාලයේදී ඇති වූ මෙම භූකම්පනයේ ප්‍රභලත්වය රිච්ටර් මාපක 7.8 ක අගයක් ගෙන තිබුණි.

මීට අමතරව අද පස්වරුවේද, රිච්ටර් මාපක 7.8 ක අගයක් ගත් තවත් භූකම්පනයක් ද ඇතිවී තිබේ.

තුර්කියේ ආපදා ඒජන්සිය පවසන්නේ පළමු භූමිකම්පාවෙන් පසුව පුද්ගලයන් 1,500ක් පමණ මිය ගොස් 5300කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මේ අතර, AFP පුවත් ඒජන්සියට අනුව, පුද්ගලයන් 810 ක් මිය ගොස් 2,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සිරියානු බලධාරීන් පවසා ඇත.

දෙරටේම කඩා වැටුනු ගොඩනැගිලි වල සුන්බුන් අතර සිරවී සිටින මිනිසුන් බේරා ගැනීමට මුදවාගැනීමේ පිරිස් දැඩි පරිශ්‍රමයක නිරතව සිටියි.

තුර්කිය විසින් ආධාර ඉල්ලා ජාත්‍යන්තර ආයාචනයක් නිකුත් කිරීමත් සමග ඊට ප්‍රතිචාර දැක්වීමට ලෝක නායකයින් ප්‍රතිඥා දී ඇත.

මෙම භූකම්පනය, තුර්කිය, සිරියාව, ලෙබනනය, සයිප්‍රසය සහ ඊශ්‍රායලය පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවකට දැනී තිබුණි.

Trending

Exit mobile version