පුවත්

තෙල් මිල බැස්සට ත්‍රීවිල් ගාස්තු බස්සන්න බැහැ කියයි!

Published

on

ඉන්ධන මිල ගණන් පහත දැමූවද ත්‍රිරෝද රථ ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොකරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි.

එහි සභාපති ලලිත් ධර්මසේන අද (01) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, රුපියල් 7කින් වැනි සුළු මුදලකින් පෙට්‍රල් මිල පහත දැමීම ගාස්තු වෙනසක් සිදුකිරීමට ප්‍රමාණවත් නොවන බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ ,

“මේ රුපියල් 7 අඩු කිරීම නිසා සහනයක් නෙමෙයි අසහනයක් ඇතිවුණේ. ධනපතියාට එයාගේ බර අඩුකරනවා. අපිට සල්ලි දීලවත් අවශ්‍ය තරම් පෙට්‍රල් ප්‍රමාණය දෙන්නේ නැහැ. ඒ නිසා ඔය රුපියල් 7 අඩු නොකරාට කමක් නැහැ. විශේෂයෙන් හයර් දුවන ත්‍රීරෝද රථ රියදුරාට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දෙන්න කියලා ආණ්ඩුව කියන්න. මොනම හේතුවක් නිසාවත් ගාස්තුව අඩු කරන්නේ නැහැ.”

Trending

Exit mobile version