ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය කොළඹ දී පැවැත්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා ජයවර්ධනපුර කොට්ටේ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක එම සමුළුව පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ මුලිකත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මෙවර කුරුණෑගල හෙට්ටිපොළ ප්‍රදේශයේ දී නිදහස් පක්ෂ සංවත්සරය පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගෙන සිටින නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර වැනි අමාත්‍යවරුන් ඊට පුර්ණ සහයෝගය ලබාදී ඇති නමුත් මේ වන විට සංවත්සරය කොළඹ දී පැවැත්වීමට තීරණය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
එමෙන්ම මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 72 වන සංවත්සරයේ දී මහ ලේකම් ධුරයේ වෙනසක් සිදුවනු ඇති බවත් එම ධුරය ආණ්ඩුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් කළ හැකි පුද්ගලයෙකුට ලැබෙනු ඇති බව ද වාර්තා වේ.