පුවත්

දරුවන් 5ක් මෙවර ශිෂ්‍යත්වයේ වැඩිම ලකුණු හිමිකර ගනී

Published

on

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව ඉහළම ලකුණු 198ක් ලබාගත් දරුවන් 05 දෙනෙකු සිටියි.ගම්පහ සුමේධයේ ශෙනුල් අක්මීමන, අනුරාධපුර සාන්ත ජෝශප් පිරිමි විද්‍යාලයේ ගම්පලගේ නවංග හංස රාජ් ෆොන්සේකා, ගම්පහ ගෝතමී විද්‍යාලයේ හිරුෂ කේෂාන් විජේසිංහ,බණ්ඩාරගම  අලුබෝමුල්ල මහ බෙල්ලන ප්‍රාථමික විද්‍යාලයේ හෙවිදු හසරැල් පෙරේරා සහ බදුල්ල විහාරමහදේවි බාලිකා විද්‍යාලයේ ඩබ්ලිව්.එම්. දුලනි සංදිනි එම සිසු සිසුවියෝය.

මෙවර ප්‍රතිඵල සකස් කිරීමේ දී දිස්ත්‍රික් මට්ටම් (District Rank) හෝ දිවයින් මට්ටම් (Island Rank) ලෙස ප්‍රතිඵල නිකුත් නොකරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

එමෙන්ම මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 197ක් ලබාගත් දරුවන් 4 දෙනෙක් හා ලකුණු 196ක් දරුවන් 8 දෙනෙකු සිටි.

2023 වර්ෂයට අදාළ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් 15 වන දින දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,888කදී පැවැත්වු අතර විභාගය සඳහා අයදුම්කරුවන් 332,949ක් පෙනී සිට ඇත.

මෙලෙස විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් අතරින් 50,664 දෙනෙකු පමණ කඩයිම් ලකුණු අභිබවා තිබේ.

විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන පරිදී මෙවර කඩඉම් ලකුණු සීමාව ඉක්මවා ගිය දරුවන්ගේ ප්‍රතිශතය 15.22% වන බවය.

පසුගිය වසරේ එම ප්‍රතිශතය14.64%ක් ලෙස වාර්තා වී ඇත.

එමෙන්ම ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත පරීක්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය නම් නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් මස 04 වන දින දක්වා මාර්ගගතව අභියාචනා ඉදිරිපත් කිරිමේ හැකියාව පවතින බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Trending

Exit mobile version