පුවත්

“දැන් තියෙන්නේ ගිය ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුව ණය ගන්න තත්වයක්”

Published

on

පසුගිය ආණ්ඩුවල ණය ගැනීම් සම්බන්ධයෙන් ඉතා දැඩි විවේචන එල්ල කළ ජාතික ජන බලවේගය දැන් ආණ්ඩු බලය ලබාගැනීමෙන් අනතුරුව පසුගිය ආණ්ඩුවලටත් වඩා වැඩියෙන් ණය ගන්නා තත්වයක් පෙන්නුම් කරන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (18) දින සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමිනි.

“මට හොඳට මතකයි බොහෝ තර්ක ඉදිරිපත් කළා ඕගොල්ලොන්ගෙ ආණ්ඩුවෙන් මහා ලොකුවට ණය ගත්තා කියලා මඩ ගැහුවා. ණය ගන්න ඕනෙද මෙහෙම කියලා කිව්වා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නෙ ? මේ යන විදියට බැලුවොත් එහෙම ගිය ආණ්ඩුවට වඩා මේ අලුතින් පත්වෙච්ච ආණ්ඩුව ණය ගන්න තත්වයක් තමයි තියෙන්නෙ. යතාර්ථය තමයි මේක. අලුත් ණය ගන්න ප්‍රමාණය යම්කිසි විදියකට අඩුකරගන්න පුළුවන් වෙන්නෙ ප්‍රාථමික ගිණුමේ අතිරික්තය තවදුරටත් ශක්තිමත් කරගත්තොත් විතරයි. ප්‍රාථමික ගිණුමේ අතිරික්තය ශක්තිමත් වෙන්න නම් රජයේ ආදායම වැඩිවෙන්න ඕනෙ. ආදායම වැඩිවෙන්න නම් මූලික වශයෙන්ම බදු තමයි ලබාගන්න ඕනෙ. ඉතින් අපි වැඩි විවේචනයක් ඉදිරිපත් කරන්නෙ නෑ ආණ්ඩුවට. මොකද, අපි බලාගෙන ඉන්නවා කොහොම බ්ලූ ප්‍රින්ට් එකට එහා ගිය, මේකට වෙනස් වෙච්ච වැඩපිළිවෙලක් ඔවුන් ඉදිරිපත් කරන්නෙ කියලා. ජනාධිපතිවරයාට මුදල් බලය නෑ. ඇත්ත වශයෙන්ම දේශපාලන කෝණයකින් බලන්නෙ නැතිව ගොඩගන්න නම් පාර්ලිමේන්තුවට තමයි ඒ වගකීම තියෙන්නෙ. නැත්නම් වෙන්නෙ නැවතත් මේක මහා අගාධයකට තල්ලු වෙන එක විතරයි.මේකට ඉංග්‍රීසියෙන් කියන්නෙ රෝල් ඕවර්. රෝල කියන වචනෙ ඇවිල්ලා තියෙන්නෙ රෝල් ඕවර් කියන ඉංග්‍රීසි වචනෙන්. එතකොට රෝල් ඕවර් කරන්නෙ මොකක්ද ? කැපිටල් එක. ජනතාවට කිව්වෙ මොකක්ද, ගිය ආණ්ඩුව අන්න බලන්න අච්චර ණය ගත්තා, මෙච්චර ණය ගත්තා මොනවද මේ ණයවලින් කරේ, හොරකම් කළා කියලා කිව්වා”

Trending

Exit mobile version