පුවත්

දැවිතෙල් සොරා ගන්නා ජාවාරමක්

Published

on

කෙරවලපිටිය – යුගදනවි බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා ගෙන යන දැවිතෙල් සොරකම් කර ඒවා වෙනත් ආයතනවලට විකුණන ජාවාරමක් වැටලීමට කොළොන්නාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ විමර්ශන අංශය ඊයේ (04) සමත් විය.

මෙම වැටලීමේදී, සොරකම් කරන ලද දැවිතෙල් ලීටර් 33,000ක් සමග බවුසර් රථයක් සහ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ඉදිකර ඇති දෙවැනි විශාලතම තාප විදුලි බලාගාරය වන කෙරවළපිටිය යුගදනවි බලාගාරය මගින් මෙගාවොට් 300ක ධාරිතාවක් ජාතික පද්ධතියට සම්ප්‍රේෂණය කෙරේ.

මෙම බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා භාවිත කෙරෙන දැවිතෙල් සොරාගන්නා ජාවාරමක් පිළිබඳ වත්තල, බෝපිටිය ප්‍රදේශයෙන් තොරතුරු අනාවරණය වි තිබුණි.

ඒ අනුව හෙළිවී ඇත්තේ, යුගදනවි බලාගාරයට රැගෙන යන දැවිතෙල් වත්තල, බෝපිටිය ප්‍රදේශයේ බවුසර් රථ අංගනයකදී සුක්ෂම අයුරින් සොරකම් කර වෙනත් ආයතනවලට විකුණන බවය.

ලද තොරතුරු මත ක්‍රියාත්මක වූ කොළොන්නාව තොග ගබඩා පර්යන්තයේ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ පස්වරුවේ එම ස්ථානය වැටලීමට කටයුතු කර ඇත.

Trending

Exit mobile version