පුවත්

දියතලාව, නරියාකන්දේ ගින්නෙන් අක්කර 12ක් විනාශ වෙයි

Published

on


දියතලාව, නරියාකන්ද රක්ෂිතයේ හටගත් ගින්නක් හේතුවෙන් එහි අක්කර 12ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබේ.

එම රක්ෂිතයේ ඊයේ රාත්‍රියේ ගින්න හටගත් බව පොලිසිය පවසයි.

ගින්න මැඩ පැවැත්වීම සඳහා පොලිසිය, යුද හමුදාව හපුතලේ අඩවි වන නිලධාරින්, බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් මෙන්ම ප්‍රදේශවාසින් ද එක්ව තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර දියතලාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. 

Trending

Exit mobile version