පුවත්

දිවයින පුරා සංවර්ධන නිලධාරීන් අද ලෙඩවෙති

Published

on

දිවයින පුරා සියලු සංවර්ධන නිලධාරීන් අද (29) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තිරණය කළ බව සමස්ත ලංකා ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි. 

ඊයේ (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති නීතිඥ අනුරාධ සෙනෙවිරත්න මහතා කියා සිටියේ , ඒ අනුව අද දිනයේ සියලුම සංවර්ධන නිලධාරීන් අසනීප නිවාඩු දමා රාජකාරියෙන් බැහැර වන බවයි. 

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය මෙලෙස වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹී ඇත.

Trending

Exit mobile version