දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේදී තරුණයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් එම පිරිස අතර කාන්තාවක් ද වන බවයි.
වෙඩි තැබීමට අදාළ තවත් සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් හයක් විමර්ශන ආරම්භ කර ඇති බව පැවසේ.
ඒ අනුව අදාළ වෙඩි තැබීම සිදු වූ ස්ථානය ආශ්‍රිත සීසීටීවී කැමරා දර්ශන පිළිබඳව ද විමර්ශකයින්ගේ වැඩි අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.
එමෙන්ම වෙඩි තැබීම සම්බන්ධයෙන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ද සටහන් කරගෙන තිබෙනවා.
අදාළ තරුණයන් දෙදෙනා දෙවුන්දර, කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පැවති උපන්දින සාදයකට සහභාගි වී යතුරු පැදියකින් යළි පැමිණෙමින් සිටියදි ඊයේ රාත්‍රී 11.45ට පමණ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.
වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් එම තරුණයන් දෙදෙනාට වෙඩි තබා තිබිණි.
සබැඳි පුවත්