පුවත්

නගර සභා සේවකයා හෙළුවෙන් ඇවිත් නගරාධිපතිගේ නිවසට ගහලා

Published

on

හොරණ නගර සභාවේ හිටපු නගරාධිපති විතානගේ සිරිසෝම මහතාගේ නිවසට යකඩ පොල්ලක් රැගෙන බීමත්ව නිරුවතින් පැමිණි පුද්ගලයෙකු විසින් අලාභහානි සිදුකර තිබේ.

සැකකරු ඊයේ (20) රාත්‍රී 7ට පමණ නිරුවතින් පැමිණ යකඩ පොල්ලකින් නිවසේ තිබු භාණ්ඩ කිහිපයකට හා ගේට්ටුව ද හානි සිදු කර ඇති අතර පහරදීමෙන් හිටපු නගරාධිපතිවරයාගේ දියණියට හා නැගණියට සුළු තුවාල සිදුව ඇත.

එමෙන්ම සැකකාර පුද්ගලයා නිවසේ සුරතලයට ඇති කරන සුනඛයාට  අමානුෂික ලෙස පහරදුන් බව නිවෙස් හිමියන් චෝදනා කරයි.

හිටපු නගරාධිපතිවරයා එම ධූරය දරන සමයේදී පහරදීමට පැමිණි පුද්ගලයාව නගර සභාවේ රැකියාවකට යොදවා ඇති අතර, එහිදී ඇති වු සිද්ධියකට පළිගැනීමක් ලෙස මෙලෙස සිදු කළ බවට තොරතුරු ලැබී ඇත.

අදාළ පුද්ගලයා නිරුවතින් මාර්ගයේ හැසිරෙන අයුරු පුද්ගලයෙක් ජංගම දුරකථනයකින් පටිගත කර තිබූ අතර සිද්ධිය සැලවූ වහාම හොරණ පොලීසිය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (21) දින හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Trending

Exit mobile version