පුවත්

නබි නායකතුමාගේ උපන් දිනය අද

Published

on

ඉස්ලාම් ධර්මයේ ශාස්තෘවරයා වන මුහම්මද් නබි නායකතුමාගේ උපත යෙදෙන මිලාද් අන් නබි උත්සවය අදට (28) යෙදී තිබේ.

ඉස්ලාම් චන්ද්‍ර දින දර්ශනයේ තුන්වන මාසය වන රබිඋනිල් අව්වල් මාසයේ අද වැනි දිනක සවුදි අරාබියේ මක්කා නගරයේදී නබි නායකතුමාණෝ උපත ලැබූහ.

සියලු මනුෂ්‍යයන් සඳහා ප්‍රේමය සහ සාමයේ පණිවිඩය ප්‍රචාරය කළ ඉස්ලාම් දහමේ මහා ශාස්තෘවරයා වන මුහම්මද් නබිතුමා අල්ලාහ් දෙවියන්ගේ අවසාන දූතයා ලෙස පිළිගැනේ. මුහම්මද් නබි නායකතුමන් ක්‍රි.ව. 570දී සවුදි අරාබියේ මක්කා නගරයේදී උපත ලැබූ අතර එතුමන් ක්‍රි.ව. 632දී සවුදි අරාබියේ මදීනා නගරයේදී අභාවප්‍රාප්ත විය.

මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවනීය මානව ප්‍රේමයක් ගොඩනැඟීමට කැපවූ නබි නායකතුමන්ගේ උපන්දිනය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමත්හු මහත් උත්සවාකාරයෙන් ආගමානුකූලව සමරති.

Trending

Exit mobile version