පුවත්

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් අද

Published

on

නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) දිවුරුම් දීමට නියමිතය.

‍අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

කැබිනට් අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් ද මෙහිදී දිවුරුම් දීම සිදුවන බව සඳහන්ය.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය සංඛ්‍යාව උපරිමය 25කට සීමාවනු ඇත.

එමෙන්ම අග්‍රාමාත්‍ය ධුරයේ ද වෙනසක් සිදුනොකිරීමට ද ජාතික ජන බලවේගය පක්ෂය තීරණය කර තිබේ.

ඒ අනුව ආචාර්ය හරිනි අමරසූරිය නව රජයේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරනු ඇති බවට වාර්තා වේ.

Trending

Exit mobile version