පුවත්

නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීම අද

Published

on

නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීම අද (25) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී සිදු වේ.

පළාත් 09 යේම ආණ්ඩුකාරවරුන් සිය ධුරවලින් මේ වනවිට ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්,දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන,හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් ඉල්ලා අස් විය.

තවද සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක සහ ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ යන මහත්වරුන් ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වන බවට දන්වමින් ලිපි නිකුත් කිරීම සිදුවිය.

උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාර්ස් මහත්මිය සහ වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ් මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වමින් ලිපි නිකුත් කර තිබුණි.

මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියකින් දැනුම් දීම සිදුවිය.

Trending

Exit mobile version