පුවත්

නායයෑමේ අනතුරු ඇඟවිම් දිස්ත්‍රික් 03කට

Published

on

පවතින වැසි සහිත කාලගුණය මත ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් දිස්ත්‍රික්ක 03කට නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

 ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයට අයත් මතුගම, බුලත්සිංහල සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, යටියන්තොට, දෙහිඕවිට සහ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ද අද රාත්‍රී 8 දක්වා මෙම අනතුරු ඇඟවීම පවතින බව පවසයි.

තවද රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ජීවත්වන වන ජනතාව නායයෑම්, ගල් පෙරළීම්, පස්කඳු කඩාවැටීම් පිළිබඳ අවධානය යොමුකළ යුතුය.

එසේම අද(01) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලට සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Trending

Exit mobile version