නේපාලයේ සිදුවූ භූමිකම්පාවකින් පුද්ගලයන් සය දෙනෙකු මියගොස් තිබේ.
අද (09) උදෑසන සිදුවූ මෙම භූ කම්පනයේ ප්‍රභලත්වය රිච්ටර් මාපක 6.6ක් ලෙස සටහන්ව ඇති අතර, එහි බලපෑම ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පවා දැනී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ හේතුවෙන් නේපාලයේ Doti දිස්ත්‍රික්කයේ නිවසක් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයන් සය දෙනෙකු මියගොස් ඇත.