පුවත්

පක්ෂ නායකකම දුන්නොත් සිරිකොතට එන්න සූදානම්

Published

on

රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දක්ෂිණාන්ත දේශපාලනය කරන කණ්ඩායම් එකට එක්විය යුතු බවත් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාට සමඟි ජන බලවේගයත් සමඟ එකතු වෙන ලෙස ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

අද (25) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කලේය.

හර්ෂණ රාජකරුණා මහතා මෙහිදී සඳහන් කළේ සමඟි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එක්වී ඉදිරියේදී ගමනක් යෑමට හැකි බව විශ්වාස කරන බවය.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා ට ලබාදීමට සූදානම් නම් සමගි ජන බලවේගය නැවතත් සිරිකොතට ඒමට සූදානම් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.

මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා මෙරට නොසිටින බැවින් ඔහු යළි ලංකාවට පැමිණීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද හර්ෂණ රාජකරුණා මහතා පවසා සිටියේය.

“රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අපි විශ්වාස කරනවා මේ දක්ෂිණාන්ත දේශපාලනය කරන කණ්ඩායම් අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. අපි ඉල්ලීමක් කරනවා රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු යුඑන්පි යේ සියලුදෙනාමත් මේ සජබය සමග එකතු වෙලා මේ බෙදීම නැතිකරලා අපි ඉදිරියේදී එකම වැඩසටහනකට ඉදිරිපත් වෙන්න අපි කටයුතු කළ යුතුයි කියලා. සජබය, යුඑන්පි කණ්ඩායම් එකතු කරගෙන ඉදිරියේදී ගමනක් යා යුතුයි කියන මතයේ අපි ඉන්නවා.”

Trending

Exit mobile version