විශේෂ පක්ෂනායක රැස්වීමක් අද (01) පස්වරු 1.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
එම පක්ෂනායක රැස්වීම සඳහා සහභාගී වන ලෙස සියලු පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දී ඇති බවද සඳහන්ය.
මෙහිදී එළඹෙන සතියේ පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීම සහ පළාත් පාලන මැතිවරණයට අදාළව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
එම පක්ෂනායක රැස්වීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කැඳවන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද මේ අතර තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා කියා සිටී.