පුවත්

පරණ වාහනවලට ලාබෙට ලයිසන් දෙන්න කැබිනට් තීන්දුවක්

Published

on

ලියාපදිංචිය සඳහා විශාල දඩ මුදලක් ගෙවීමට සිදුවන නිසා භාවිත නොකරන පෞරාණික වටිනාකමකින් යුත් වාහන (Antique) වලට කැබිනට් අනුමැතියකින් සහනයක් ලබා දී ගමනා ගමනයට ඉඩ ලබාදීමට රජය තීරණය කර තිබේ. 

මේ යටතේ සහන ක්‍රමවේදයකට ආදායම් බලපත්‍ර ලබාදීමටද නිර්දේශ කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා කියා සිටී.

විශාල දඩ මුදලක් ගෙවීමට සිදුවන නිසා වසර ගණනක් තිස්සේ ලියාපදිංචි නොකළ වාහන විශාල සංඛ්‍යාවක් නිවෙස් තුළම රඳවා ගෙන සිටින බව අනාවරණය වී ඇත.

එබැවින් එම වාහන සහන වාර්ෂික මුදලකට යටත්ව ලියාපදිංචි කොට භාවිතයට අවසර දීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදීමට නියමිතය.

Trending

Exit mobile version