පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය පත් වෙයි

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පත් කර තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පළමු වරට පසුගියදා (03) රැස්වු අවස්ථාවේදීය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානි බණ්ඩාර කිරිඇල්ල සහ සමන්මලී ගුණසිංහ මහත්මිය කාන්තා සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරියන් දෙදෙනෙක් ලෙස තේරී පත්ව  තිබේ.

පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර යන මහත්මීන්ද එක්ව සිටියහ.

Trending

Exit mobile version