පුවත්

පාස්කු ප්‍රහාරයට සමාව අරං ජනපතිවරණයට එන බව මෛත්‍රී කියයි!

Published

on

තම පාලන කාලයේ සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික ජනතාවගෙන් මෙන්ම ඉන් වින්දිතයන් බවට පත්වූ සියලු දෙනාගෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) සමාව ඉල්ලා සිටියේය.

ඒ මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙසේ සමාව ගත් අතර, එහිදී ඔහු කියා සිටියේ අදාල නඩු තීන්දුවෙන් පැහැදිළිව තමාම වරදක් කර ඇති බව ප්‍රකාශ නොවන බවයි.

අදාළ තින්දුවේ ඇත්තේ “ජනාධිපතිවරයා විසින් පත්කරන ලද නිලධාරීන් යම් බරපතල වැරැද්දක් කළ හොත් එම වැරැද්දට ජනාධිපතිවරයාද වගකිව යුතුවන්නේයැයි” යනුවෙන් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මම කිසිදේකින් පස්සට යන්නේ නැහැ

තමාට කොයිතරම් වද දුන්නත් තමා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වන බවද ඔහු මෙහෙදී කීය.

Trending

Exit mobile version