පුවත්

පිරිසක් ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ තීරණයක්

Published

on

කායික දුබලතාවෙන් යුතු තැනැත්තන් ඡන්ද මධ්‍යස්ථාන යාම සහ ඊම සඳහා වාහනයක් මඟින් ප්‍රවාහන පහසුකම් සලසා ගත හැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඊට අදාළ ඉල්ලුම පත්‍රය ඡන්ද ප්‍රදේශයේ තේරීම්භාර නිලධාරි වෙත යොමු කළ යුතු බවයි, එම සභාව සඳහන් කළේය.

එම ඉල්ලුම් පත්‍රය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ www.elections.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 82 (4) (ඈ) ඡේදය අනුව අදාළ පහසුකම් සලසා ඇති බව සඳහන්ය.

Trending

Exit mobile version