පළාත් පාලන ඡන්ද විමසීම එළැඹෙන මැයි මස 06වැනි අඟහරුවාදා පැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
(පෙර පුවත 2025 මාර්තු 20 ප.ව.1.40)
නාමයෝජනා භාරගැනීම අවසන්
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාරගැනීම අද (20) දහවල් 12ට අවසන් වුණි.
ඒ අනුව විරෝධතා ගොනුකිරීම සඳහා අද දහවල් 1.30 දක්වා කාලය ලබාදී ඇති බව මැතිවරණ කොමිසම පැවසුවේය.
පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු පසුගිය 17 වැනිදා සිට ආරම්භ කෙරුණි.
නාමයෝජනා භාරගැනීමෙන් පසු මැතිවරණය පැවැත්වීමේ දිනය ප්රකාශයට පත් කිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු ද ඊයේ (19) දිනයෙන් අවසන් කෙරුණි.
(පෙර පුවත 2025 මාර්තු 20 පෙ.ව.7.03)
පුංචි ඡන්දයට දිනේ අද තීන්දු කෙරේ
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය අද (20) ප්රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදීමේ කාලය අද දහවල් 12.00ට අවසන් වේ.
ඉන් අනතුරුව නාමයෝජනාවලට අදාළ විරෝධතා විමසා බැලීමට නියමිතය.
පක්ෂ හෝ අපේක්ෂකයින් වෙනුවෙන් පෙළපාළි සහ රැස්වීම් සංවිධානය කිරීම තහනම් බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ ය.