පුවත්

පේරේ ආචාර්යවරු අද සිට යළි සේවයට

Published

on

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු අද (19) සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් පවසයි.

එම විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට විරෝධය පළ කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන් පසුගිය දා අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත විය.

ඒ අනුව පසුගිය 13 වනදා සිට අද දිනය දක්වා විභාග රාජකාරී ඇතුළු සියලුම රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ පියවර ගෙන තිබුණි.

Trending

Exit mobile version