පසුගිය කාලයේ අරගලය නිසාවෙන් තනතුරෙන් ඉවත්වූ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය බ්රහස්පතින්දා එළි දැක්වූ “ජනපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්රණය” පොත නාමල් රාජපක්ෂ මහතා ලබාගෙන තිබුණේ නුගේගොඩ පිහිටි පොත් සාප්පුවක් වෙත ගොස් පොලීමේ සිට යැයි වාර්තා වේ.
නාමල් එදින උදෙන්ම නුගේගොඩ පිහිටි අදාළ ප්රසිද්ධ පොත් සාප්පුවට යන විටත් සිය බාප්පා ලියූ පොත ගන්න පිරිසක් එහි පෝලිමේ සිටි බව පැවසේ.
මේ අතර, එතැන සිටි කටකැඩුණු අයෙක් “ඇයි මේ පොත කඩෙන් ගන්නෙ ඉල්ල ගන්න එපැයි බාප්පගෙන්” යැයි නාමල්ට නක්කලේට මෙන් විමසා ඇති අතර “ නෑ නෑ පොත් සාප්පුවෙන් ගන්න එක හොදයි කියලා හිතුණා “ නාමල් සිනාසෙමින් උත්තරදී පොත රැගෙන පොත් සාප්පුවෙන් බැස ගිය බවද වාර්තා වේ.