පුවත්

පොලීසියට පාට් දැමූ නිතීඥවරිය රිමාන්ඩ්

Published

on

පොලිස් ස්ථානය තුළදී කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥවරියක් ඇතුළු පවුලේ සිව් දෙනා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (08) දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් වීරසිංහ මහතා නියෝග කර තිබේ.

කැස්බෑව නගර  මධ්‍යයේ සිදුවූ  අනතුරකින්  පසු ටිපර් රථ රියදුරුට  මෙන්ම  විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට පහරදීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කර ඇත්තේ, මඩපාත පොල්හේන ප්‍රදේශයේ පදිංචි නීතිඥ නිමේෂා දුෂානි වානගුරු, ඇයගේ සැමියාවන වීරතුංග ජයවර්ධන තුමේෂ් ගිහාන්  කාංචන,නීතිඥවරියගේ පියා සහ නැගණිය යන අයයි.

පොලිසිය පවසන්නේ, සැකකාර නීතිඥවරියගේ පියා  පෙරේදා පෙරවරුවේ මෝටර් රථය මාර්ගයේ ධාවනය කරමින් සිටියදී කැස්බෑව නගරයේ මාර්ග සංඥා පද්ධතිය අසල ධාවනය වීමට නියමිත සංඥා ක්‍රියාත්මක වන තෙක් මෝටර් රථය  නවතා  තිබියදී  එම දිශාවටම ධාවනය වීමට පිටුපසින් පැමිණි ටිපර් රථයක් මඳක් ඉදිරියට පැමිණ මෝටර් රථයේ පිටුපස ගැටී ඇති බවය.

එම අවස්ථාවේදී  ටිපර් රථ රියදුරුද ටිපර් රථයෙන්  බිමට බැස ඇති අතර මෝටර් රථ රියදුරු සහ එහි සිටි කාන්තාවන් තිදෙනෙකු  ද ඒ සමගම මෝටර් රථයෙන් බිමට බැස රියදුරුටව වට කරගෙන ඇති අතර කාන්තාවන් ටිපර් රියදුරුව අල්ලාගෙන සිටියදී මෝටර් රථ රියදුරු ඔහුට පහර දී  තිබෙන බව පොලීසිය පවසයි.

කෙසේවෙතත් අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සැරයන්වරයා එම ස්ථානයට පැමිණ තිබේ

අනතුරුව ටිපර් රියදුරුට පහරදීම හා මෝටර් රථ රියදුරු ද අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයා ටිපර් රියදුරා අත්අඩංගුවට ගෙන පොලිස්  ස්ථානය වෙත රැගෙන ඒමට සූදානම් වීමේදී නීතිඥවරිය සැරයන්වරයාට පරුෂ වචනයෙන් බැන වදිමින් ආවේගශීලීව හැසිරී තිබෙන බව පොලිසිය පවසයි.

Trending

Exit mobile version