පුවත්

බණ්ඩාරවෙලටම එකයි කෝටි 5ක් දාලා ‌දෙමෝදර හැදූ අමුතු පාලම

Published

on

රජය විසින් රුපියල් ලක්ෂ පන්සිය අනූඅටක් වැය කරමින් දෙමෝදර ස්ප්‍රිංවැලි මාර්ගයේ ඉදිකර ඇති පාලම කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි තත්ත්වයේ පවතින බව ප්‍රදේශවාසීහු පවසති.

මෙම පාලම කොන්ක්‍රීට්වලින් සකස් කර ඇති අතර මාර්ගයට සම්බන්ධවන කොටස අඩිදෙකකටත් වඩා උසකින් ඉදිකර තිබීම හේතුවෙන් ප්‍රවාහන ගැටලු මතුව තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ බණ්ඩාරවෙල කාර්යාලයේ අධීක්ෂණය අනුව 2019.05.22 වැනිදා වැල්ලවාය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉදිකිරීම් සමාගමක් විසින් මෙය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන ඇත.

මේ වන විට එහි සියලු වැඩ කටයුතු නිමකර ඇතත් කිසිවෙකුට හෝ පාලම භාවිතයට ගත නොහැකි තත්ත්වයක පැවැතීම සම්බන්ධයෙන් ජනතාව තුළ ඇත්තේ දැඩි අප්‍රසාදයකි.

මේ අතර,  මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ ඌව පළාත්භාර අධ්‍යක්ෂ ටී.කේ.එම්. ගලප්පත්ති මහතා පවසා ඇත්ත‌ේ පාලමේ වැඩ කටයුතු තවමත් අවසන් කර නැති බවයි.

පාලම ඉදිකිරීම සඳහා ලබන වසරේදී මුදල් ලබා ගන්නා බවද ඔහු මාධ්‍යට පවසා තිබේ.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version