පුවත්

බිරිඳට දරුවන් නෑ කියා ‌පාරේ දේව පිළිම කුඩුපට්ටම් කරලා!

Published

on

බිරිඳට දරුවන් නොමැති නිසා සිත් වේදනාවට පත්ව සිටී බව කියමින් ඇය අදහන ආගමේ දේව ප්‍රතිමා හයකට සහ ඒවා තැන්පත් කර තිබූ වීදුරු කුටිවලට ගල් ගසා හානි කළේ යැයි කියන සැමියකු මනිප්පායි පොලිසිය  සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ පුදුමලේ  දකුණු සාවල්කට්ටු ප්‍රදේශයේ පදිංචි කේ සෙල්වකුමාර් නැමැත්තෙකි.

සැකකරු කතෝලික ආගම අදහන කාන්තාවක් සමඟ විවාහ වී වී සිටින අයෙකි.

මානිප්පායි උදයපුරම් ආනකෝට්ටේ ප්‍රදේශයේ මංසන්ධිවල සහ එම ප්‍රදේශයේ නිවාස ඉදිරිපිට- වීදුරු කුටිවල කුටිවල තබාතැන්පත් කර තිබූ මරියතුමියගේ දේව ප්‍රතිමා හයකට යතුරුපැදියෙන්  පැමිණි නාඳුනන පුද්ගලයකු විසින් ගල් ප්‍රහාර එල්ල කර හානිකර ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.

පොලිසිය මේ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් හෙළිවූ තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මූලාශ්‍රය – ලංකාදීප

Trending

Exit mobile version