පුවත්

බූස්ස බන්ධනාගාරයෙන් මත්ද්‍රව්‍ය සහ දුරකථන 02ක්

Published

on

බූස්ස බන්ධනාගාරය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී අයිස් මත්ද්‍රව්‍ය සහ දුරකතන දෙකක් ඇතුලු උපාංග කිහිපයක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

බූස්ස කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර තිබුණි.

එහිදී බන්ධනාගාරයේ සඟවා තිබු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4යි මිලි ග්‍රෑම් 300ක් , ජංගම දුරකතනයක් සහ පුවත්පතක් තුළ සූක්ෂමව සඟවා ගෙන බන්ධනාගාරය තුළට රැගෙන යමින් සිටි දුරකතනයක් ද සොයා ගත් බව වාර්තා වේ.

වැටලීමෙන් සොයා ගත් භාණ්ඩ තොගය විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලන අධිකාරිය වෙත භාරදී තිබේ.

Trending

Exit mobile version