පුවත්

බේරේ වැවේ ගඳ යවන්න සිංගප්පූරු සමාගමකට බාරදෙයි

Published

on

කොළඹ බේරේ වැවේ ජලය පිරිසිදු කර දුගඳ නොමැතිව පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික අංශය වෙත පැවරීමට රජය තීරණය කර තිබේ.

එම කටයුතු සිංගප්පූරු සමාගමක් වන Groepo Pte. Ltd සමාගම හා එහි දේශීය සමාගම වන Groepo Lanka Bioscience (Pvt) Ltd. වෙත පවරා ඇත.

එම සමාගම්වලට බේරේ වැව දුගඳ නොමැතිව පිරිසුදු  කර සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීම පවරා දී තිබේ.

බේරේ වැව පිරිසිදු කිරීමට අදාළ සමාගම විසින් අධිතාක්ෂණ උපකරණ හා විද්‍යාත්මක ක්‍රම භාවිතා කිරීමට නියමිතය.

අදාල යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබි ඇත.

මෙම ව්‍යාපෘතියට අදාළව බේරේ වැවට එකතු වන මලාපවහන ජලය හා අපද්‍රව්‍ය බැහැර කරන මාර්ග හඳුනාගෙන ඒ සඳහා විකල්ප ක්‍රමවේද හඳුන්වා දීමට කටයුතු කරන ලෙස ඊට අදාළ රාජ්‍ය ආයතනවලට කැබිනට් මණ්ඩලය දැනුම් දී තිබේ.

මෙහි මෙහෙයුම් කටයුතු අධීක්ෂණ සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා දේශගුණික අරමුදල් සමාගම සහ කොළඹ මහ නගර සභාව නියෝජනය කරමින් කමිටුවක්ද නම් කර ඇත.

Trending

Exit mobile version