පුවත්

මඟ නැඟුම හා එහි සියලු සමාගම් විසුරුවා හරින්න යයි!

Published

on

මඟ නැඟුම යටතේ ඇති සියලුම සමාගම් විසුරුවා හැරීමට තීරණය කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (03) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එම ආයතන පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් එම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

“මඟ නැඟුම යටතේ තියෙන සියලු සමාගම් විසුරුවා හරිනවා. මොකද ඒවා පවත්වාගෙන යන්න පුළුවන් ආදායමක් නෑ. කරන්න වැඩක් නෑ. වැඩ කරන්න මුදල් නෑ. ඒ නිසා ඒ ආයතන පවත්වාගෙන යන්න බෑ. ඒ ටික රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ යටතේ විසුරුවා හරිනවා. මඟ නැඟුම හා එයට සම්බන්ධ සමාගම් 4ක්.”

Trending

Exit mobile version