මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහල්වල නේවාසික රෝගීන් සඳහා ආහාර ලබාදීම අත්හිටුවා තිබේ.
ආහාර සැපයුම්කරුවන් සඳහා මුදල් ලබා නොදීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මඩකලපුව දිස්ත්‍රික් නිලධාරියෙකු සඳහන් කර ඇත.
එම සැපයුම්කරුවන් සඳහා මාස කිහිපයකට අදාළ මුදල් ගෙවීමට පවතින බවත් අදාළ නිලධාරියා සඳහන් කළේ ය.
මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ආහාර සැපයීම සඳහා අධික මිල ගණන් යටතේ ටෙන්ඩර් ලබා දී ඇති බවත් එලෙස ටෙන්ඩර් ලබා දුන් සැපයුම්කරුවන් සඳහා මුදල් ගෙවීමට නොහැකි වීම මත ආහාර සැපයීම නතර කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත.