පුවත්

මත්පැන් හල් වැසීමක් ගැන දැනුම්දීමක්

Published

on



ඔක්තෝබර් මස 03වැනිදා මත්පැන් අලෙවි සැල් වසා තැබීමට තීරණය ගෙන තිබේ.

ඒ, ලෝක අමද්‍යප දිනය යෙදී තිබීම හේතුවෙනි.

මේ අතර මද්‍යසාර හේතුවෙන් රෝගී වූවන් වෙනුවෙන් රජයට වාර්ෂිකව රුපියල් බිලියන 237ක් වැය කරන බව ADIC ආයතනය සඳහන් කලේය.

ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින්, ඔවුන් ප්‍රකාශ කළේ, මත්පැන් හේතුවෙන් වසරකට පුද්ගලයින් මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් අකාලයේ මිය යන බවයි.

මත්පැන් භාවිතය හේතුවෙන් මෙරට තුළ දෛනිකව අකල් මරණ 50ක් වාර්තා වන බව ADIC ආයතනය අවධාරණය කලේය.

වසරකට වාර්තා වන අකල් මරණ සංඛ්‍යාව 15000ත් 20000ත් අතර ප්‍රමාණයක් වේ.

Trending

Exit mobile version