පුවත්

මත්පෙති තොගයක් සමඟ 02ක් නාවික හමුදා භාරයට

Published

on

නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට තැත් කල මත්පෙති තොගයක් සමඟ සැකකරුවන් 02ක් කල්පිටිය මුහුදු ප්‍රදේශයේ දී ඊයේ (09) දින නාවික හමුදා භාරයට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයේ කුඩා යාත්‍රාවක් යොදවා මෙම මෙහෙයුම සිදුකර ඇත.

මෙලෙස නීති විරෝධී ලෙස ඩිංගි යාත්‍රාවක් තුල ඇසුරුම් 10ක තිබු Pregabalin වර්ගයේ මත්පෙති 570,000ක පමණ තොගයක් සමඟ අදාළ සැකකරුවන් දෙදෙනා නාවික හමුදා භාරයට ගෙන ඇත.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

අදාළ සැකකරුවන් අවුරුදු වයස අවුරුදු 33ත් 39ත් අතරේ පසුවන නොරොච්චෝල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් 02 දෙනා සහ මත්පෙති තොගය පිළිබඳ ඉදිරි නීතිමය කටයුතු පුත්තලම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කර ඇතැයි නාවුක හමුදාව පවසයි.

(මුලාශ්‍රය – navy.lk)

Trending

Exit mobile version